Tuesday, May 21, 2019

වන දරුවෝ - ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා The Children of the New Forest - Captain Marryat


වන දරුවෝ The Children of the New Forest කෘතිය රචනා කරන ලද්දේ 1847 දී ෆෙඩ්රික් මැරියට්  විසිනි.
මැරියට් ගේ විශ්‍රාම සුවය ලබමින් සිටින  සමයේදී මෙම කෘතිය රචනා කරන ලද අතර ඔහුගේ ජිවිත කාලය තුල මුද්‍රණය කරන ලද අවසාන කෘතිය ලෙස කියවේ.මැරියට් ඔහුගේ සහෝදරයාගේ නිවාස පිහිටි හැම්ෂයර් කඳුකරය වෙත ගිය බවද විචාරකයින්ගේ අදහසයි.මෙම කතාවේ උපත සිදුවුයේ හැම්ප්ෂයර් හිදීය.

මෙම කෘතියට තේමාව වී ඇත්තේ ඉංග්‍රීසි සහ කොමන්වෙල්ත් එනම් 1649 සිට 1660 දක්වා වේල්සයේ සහ එංගලන්තයේ පාලන සමයේදී වූ සංසිදුවීම් රැසකි. එනම් මෙම කාලයේ සිටි බෙවර්ලි නම් සෙන්පතියාගේ දරුවන් සිවුදෙනා වටා ගෙතුණු කතාන්දරයකි.රාජකීය සටනේදී කර්නල්  බෙවර්ලි මිය යන අතර මොවුන් වනයේදී තමන්ව පිඩනයට පත් කරන්නන්ගෙන් බේරීමට නිව් ෆොරස්ට් වනයෙහි සැඟවී සිටියහ. මේ වෘතාන්තය ඇරඹෙන්නේ 1647 දී 1වෙනි චාල්ස් රජු රට තුල පවතී සිවිල් යුද්ධයෙන් පරාජය වී ලන්ඩනයේ සිට නිව් වනාන්තරයට පලා යාමෙනි.
පාර්ලිමේතුවේ පක්ෂය ගත්  සොල්දාදුවන් විසින් නිව් වනාන්තරය පරික්ෂා කිරීමටත් ,ආර්වුඩ් හි පිහිටි බෙරව්ර්ලි සෙන්පතියාගේ පාරම්පරික වංශවත් නිවාසය  ගිනි තැබීමටත් තීරණය  කළහ.


කිවුලිර් නිලධාරියෙක්ද මෙම නෙස්බි සටනේදී මිය ගියේය.ඒ වන විට බෙවර්ලි මැදුර තුල එඩ්වර්ඩ් ,හම්ප්‍රි , ඇලිස් සහ එඩිත් නම් බෙවර්ලි අමාත්යගේ දරුවන් ජිවත් වූ අතර ඔවුන් මෙම ගින්නට අසුවී මියගිය බව රටවැසියන්ට දැනගැනීමට මොවුන් සැලැස්විය. නමුදු ඔවුන් කැලාවේ  දර කපන්නකු වූ ජේකබ් ආර්මිටෙච් ගේ රැකවරණය යටතේ වනාන්තරයේ ජිවත් වුනේ ජීවිතය සහ සමාජය පිළිබඳව වෙනම වනගත ජීවිතයේදී අපුර්වතම අත්දැකීම් රැසක් රස විඳිමිනි.මෙම දරුවන් ඔහුගේ මුණුපුරන් සහ මිණිපිරියන් ලෙස ඔහු හඳුන්වා දුන්නේය.ඔවුන් වනය තුල ජීවත්විය යුතු ආකාරය පිලිබඳ මනා දැනුමක් මෙම කාලය අතරතුරදී ලබා ගන්නා අතර පිරිමි දරුවන් වනයේ දඩයම් කිරීමට උගුල් ඇටවීමට , ගොවිතැන් බත් කරමින් ජිවත් වීමට විවිධ නිර්මාණයන් ගොඩ නැගීමට උත්සහ කරන අතරතුර තරුණ ගැහැණු ළමුන් දෙදෙනා මැහුම් වැඩ සහ ඉවීමට පුරුදු වෙන අතර නිරතුරුවම නිවෙස් පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීමට උත්සහ ගනී. මෙය ස්ත්‍රීවාදය ට බලපෑම් කල පොතක් නොවේ. මේ දරුවන් සිවුදෙනාම උස්මහත් වී නිසි වයසට පැමිණි පසු කාන්තාවන්ට සේම පුරුශයින්ට ද ආදර්ශයක් වෙන පරිදි චරිතවත් එඩිතර පරිපුර්ණ බැවින් යුතු චරිතයන් විය.

මෙම කෘතිය නුතනයේ ජිවත්වන්නන්ට නුපුරුදු වූ ක්රියාවලින්ගෙන් සහ හැසිරිම්ගෙන් පිරුණු අපුරුතම කෘතියක් වන අතර ළමා මනසට ගෝචර වූ ලේඛන ශෛලියකින් සහ රසවත් බැවින් යුතුව රචනා කර තිබීම සුවිශේෂිත්වයයි.පැරණි පොත් පිළිබඳව අවබෝධය ඇති පාඨකයෙකුට පැරණි සමාජ සංස්ථාවේ ඇති වූ ක්‍රියාදාමයන්, සිරිත් විරිත් සහ සංස්කෘතික වෙනස්වීම් පිලිබඳ අත්දැකීමක් උකහා ගමින් මෙම කෘතිය රසවිඳිය හැකිය. සජීවී සහ වන ජිවිතයට මෙන්ම ත්‍රස්තජනක ක්‍රියාවන්ට ප්‍රිය කරන ඕනෑම රසිකයෙක් මෙම කෘතියට කැමති වන නොඅනුමානය.

සමස්ත වශයෙන් ගත කල මෙම කතාවේ තේමාව සිත්ගන්නා සුලුය.රසවත් බැවින් හරවත් බැවින් යුතු භාෂා ශෛලියක් මේ වෘතාන්තය පුරාම දැකිය හැකිය.එමෙන්ම  කතාව කියවීමට හොඳ පිටුවහලක් දෙන තරම් රසවත් ගලාගෙන යමක් මෙහිදී දැකිය හැකි විශේෂම ලක්ෂණයයි.මෙම ලක්ෂණය සියලුම පොත් වල දක්නට නොහැකි දුලබ ගති ලක්ෂණයකි.පැරණි භාෂාවන්ට ඇලුම් කරන, පරිසරය සුන්දරව රස විඳිය හැකි සියලුම දෙනා රසවිඳීමට කැමති වන සුන්දර කතාවක් බව මෙහිදී සඳහන් කල යුතුය.මෙම කෘතිය සිංහලයට  ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් වන දරුවෝ නමින් සිංහල අනුවාදයට ලක් කරන ලද අතර දරුවන්ට සුදුසු පරිදි ව්‍යක්ත රචනා ශෛලියක් භාවිතා කර තිබීම මෙහිදී පාඨකයාට දක්නට ලැබේ.

හරි පුදුම ඉස්කෝලේ





1981 වර්ෂයේදී  ජපන් ජාතික ටෙට්සුකෝ කුරයනාගී විසින් ජපන් බසින් රචනා කරන ලද " මදොගිවා  නො ටෝට්ටෝ චන් " නමැති කෘතිය ලෝක වාර්තා තබමින්  මාස 16 ක් තුල පිටපත් ලක්ෂ 50 ඉක්මවා අලෙවි වූ ලොව පුරා අධ්‍යාපන වේදීන්ගේ නොමද අවධානයට පාත්‍ර වූ ග්‍රන්ථයකි.අධ්‍යාපනඥයකු වූ ලීලානන්ද  ගමාච්චි මහතා විසින් මෙය සිංහලයට පරිවර්තනය කර ඇත.

මෙම පොතෙහි ඇත්තේ දෙවන ලෝක සංග්‍රාමය සිදුවූ අවධියේදී ටෝකියෝ නගරය ආශ්‍රිතව පිහිටා තිබු අසිරිමත් පර්යේෂණ පාසලක් පිලිබඳ තොරතුරු ය .එහි සිසුවියක විසින් තමා එහෙදි ලද අත්දැකීම් පිළිබඳව සිදු කරන විස්තරයකි. පන්ති කාමර , පුස්තකාල ලෙස දුම්රිය මැදිරි කිහිපයක් උපයෝගී කරගෙන සැලසුම් කර තිබු මෙම පාසල ස්වභාව ධර්මයා හා වඩාත් සම්බන්ධව ඇති අතර සොසොකු කොබයාශි නමැති සුවිසේෂි අධ්‍යාපනඥයකු විසින්  පවත්වාගෙන යනු ලැබිය.

කොච්චි පෙට්ටි තුල තිබු පන්ති කාමරවල සිසුන් වැඩි කැමැත්තක් දැක්වූ අතර නිදහස, විනෝදය සහ ආදරය මැද ළමෝ ඉගෙනුම ලැබුහ.
" ළමයින්ගේ උතුම් බලාපොරොත්තු නොනසන්න .ඔවුන්ගේ සිහින ඔබගේ සිහිනවලට වඩා විශාලය" යන්න කොබයාශි  මහතාගේ අවවාදයයි. දඟකාර දැරියක ලෙස අවුරුදු හතේදී  පළමුවන ශ්‍රේණියෙන් නෙරපා හරිනු ලැබූ ටෙට්සුකෝ කුරයනාගී මෙම පාසලට බැඳුනු අතර පසු කාලීනව ජපානයේ සුපතල , ජනප්‍රියතම රුපවාහිනී ශිල්පිනියක් බවට පත් වුවාය.

 සිය අධ්‍යාපනයෙන් පසු ඉතිරි කාලය ළමුන් කැමති ක්‍රියාවක යෙදීමට ඉඩ දීම ඉතාමත් සාර්ථක වූ බව ලේඛිකාව පවසයි. ළමා නිදහස් චින්තනය සංකල්පය තුලින් අධ්‍යාපනයේ සාර්ථකත්වය මේ යයි  හඬගා කියන මෙම නවකතාව අධ්‍යාපනික මෙන්ම මනෝවිද්‍යාත්මකව ද වැදගත් වන  සියලුම වයස් කාණ්ඩ වල සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු සැමටම  බැලිය යුතු වටිනා කෘතියකි.