Monday, June 17, 2024

ඇසල මාවත අද්දර" - කතුවරයා-අරුණ අහස් රත්නායක



"ඇසල මාවත අද්දර" නමැති කෘතිය රචක අරුණ අහස රත්නායක විසින් රචනා කරන ලද සුවිශේෂී කතාවකි. මෙම කතාවේ ප්‍රධාන තේමාව විවිධ සමාජ කේන්ද්‍රාණ්විත හා මානවීය ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ.

ශ්‍රී ලාංකීය ජීවිතයේ සංකීර්ණතා සරලව විකාශනය කරන ප්‍රබෝධමත් නවකතාවකි. සංස්කෘතික හා සමාජීය සූක්ෂ්මතාවයන්ගෙන් පොහොසත් ආඛ්‍යානය, කතන්දරකරුවෙකු ලෙස අහස්ගේ දක්ෂතාවය සහ මිනිස් සම්බන්ධතා පිළිබඳ ගැඹුරු අවබෝධය මේ ඔස්සේ දක්නට ලැබෙන ලක්ෂණයකි.


"ඇසළ මාවත" (ඇසළ වීදිය) යනු භෞතික පිහිටීමක් පමණක් නොව චරිත අත්විඳිමින් යන ගමනේ සහ සංක්‍රාන්ති සංකේතයකි.


කතාව ඇරඹෙන්නේ සාරධා තෙරණියගේ අතීතාවලෝකනයක් ඔස්සේය.
මෙහි කතා නායිකාව වන්නේ සුධාරිය. ඔවුන් නව නිවසට පැමිණීමත් සමග අසල්වැසි නිවසින් ගෙනන ආරාධනය ඔස්සේ කතාව ගලා යයි.


නිවසේ සහ පාරිසරික ලක්ෂණ ඔස්සේ කතෘ විසින් සුධාරිගේ හැඟීම් එළිදක්වා ඇති අන්දම අපුරුය.


" පිටු අංක 13-
පෙනෙන තෙක් මානයේ ගෙවත්තේ හැමතැනම පලතුරු ගස් වවා තිබුණි.කෙසෙල් අඹ ,පේර ජම්බු : ඇය හඳුනාගත් ගස්වලින් කිහිපයක් පමණි.ඒ සුන්දර වූ සශ්‍රිකභාවය ඇගේ සිත කුල්මත් කරන්නක් විය."


ඇයගේ ජීවිතය සාරවත් වූ නව සිතුවිලි වලින් ප්‍රබෝධමත් වෙන බවට ඉඟියක් මේ ඔස්සේ පාඨක මනස තුලට ලබා දේ.

අහස් විසින් විවිධ තල වල සිටින චරිත සමූහයක් නිර්මාණය කර ඇත.කතාවෙහි එන සෑම චරිතයක්ම ඉතා සූක්ෂම ලෙස වර්ධනය වී ඇති අතර, පාඨකයින්ට ඔවුන්ගේ සිතුවිලි සමඟ ගැඹුරින්ට සංසන්ධනය සිදු කිරීමට ඉඩ සලසයි.

"ඇසළ මාවත අද්දර" කියවමින් යන විට තේමා කිහිපයක් දක්නට ලැබුණි. නවකතාව පැරණි සිරිත් විරිත් අතර ඇති ඝර්ෂණය සහ නවීන සාරධර්ම සහ භාවිතයන් නොවැළැක්විය හැකි බැඳෙන බව පෙන්වයි.
ඒ බව අවුරුදු දින සුධිරගේ මව නවීන පන්නයේ ආහාර සහ නිර්මාල්ගේ මවා සම්ප්‍රධායික අහාර පිසීමත් , කිසිදු ආකාරයක මත ගැටීමකින් තොරව පවුල් දෙකේම පිරිස සතුටින් එදින ගත කරන ආකාරයත් උදාහරණයකි.


පුද්ගලානුබද්ධව ඔවුන් සතු වගකීම් සහ ඔවුන්ගේ පුද්ගල ආශාවන් අතර සමතුලිතතාවය පිළිබඳව අවධානය යොමු කරයි.

ඔවුන්ගේ භූමිකාවන් තුලදී ඔවුන් මුහුණ දෙන අභියෝග මනාව පෙන්වා දී ඇත.


නිර්මාල් යනු ආගම දහමට ලැදි කියවීමට හුරු වූ ජීවිතය පිළිබඳව යථාවබෝධෙන් කටයුතු කරන පාසල් ගුරුවරයෙකි.
සුධාරි යනු උසස් අධ්‍යාපනයේ යෙදෙන කෙළිලොල් තරුණියකි.


එකිනෙකට හාත්පසින් වෙනස් වූ මොවුන් අතර ඇතිවන මිතුදම පුළුල් වන්නේ ඔවුන් දෙදෙනාම කියවීමට දක්වන මහත් ලැදිකමයි.


ජිවිතයේ අප ප්‍රාර්ථනා කරන හැමදෙයක්ම ඉෂ්ට නොවේ. ගලා යන ජිවිත ගමනේදී අප නොසිතු විරූ ඉරණම් වලට මුහුණ දීමට ලැබෙන්නේ අපේ දෛවය පරික්ෂා කිරීමට මෙනි. එමෙන්ම ඒ සඳහා අපට ආගම තුලින් ලැබෙන යථාවබෝධයද උපකාර වේ. මෙලොව වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි. අප සිත පිලි නොගන්න කටුක වූ තිත්ත ඇත්තත් මෙයයි.


විටෙක අප ජිවිතයේ කිසිදු දිනක නොවේයැයි සිතන අභාග්‍යසම්පන්න සිදුවීම් සිදුවන්නේද තත්පරයක පමණ නිමේශයෙනි. සුදිරාගේ අසනීප තත්වයද එවැන්නකි.නමුත් තම සිත ශක්තිමත් කර ගනිමින් පවුලේ සහ නිර්මාල්ගේ පවුලේ අයගේද ආදරය, සෙනෙහස දිරිගැන්වීම් නිසාවෙන් සුදිරා තම ජීවිතය දරාගෙන ඉවසීමෙන් කටයුතු කරයි.

ජිවිතයේ සිදුවන වෙනස්වීම් හමුවේ මානව ජිවිතයේ ඔරොත්තු දීමේ හැකියාව , අනුවර්තනය වීමේ හැකියාව පිළිබඳව අවධාරණය කරයි. ජීවිතයේ සුන්දරත්වය සහ ඒ තුළ ඇති සංකීරණත්වය ඉතා සරලව රචනයට ලක් කර තිබීම මෙහි විශේෂත්වයයි. ඔහුගේ සංවාදය චරිතවල කථන රටා සහ සංස්කෘතික සන්දර්භයන් අව්‍යාජ ලෙස පිළිබිඹු කරයි.


ප්‍රේම කතාවක් වුවත් යථාර්තයවාදී ලෙස ජිවිතයට ගලපමින් ජීවිතය පිලිබඳ ගැඹුරු අවබෝධයක් ඉතාමත් සරලව ලගන්නාසුළු අන්දමින් ඉදිරිපත් කිරීමම මෙහි සාර්ථකත්වයට තුඩු දෙන හේතුව වෙන බව මනාව දක්නට ලැබෙන කරුණකි.

සුධාරි ගේ ජිවිත ගමනේදී ඇය මුහුණ දෙන අද්විතීය අභියෝග සහ ජයග්‍රහණ පිළිබඳ සංවේදී මෙන්ම විශ්වීය කතාවක් බවට පත් කරයි. නමුදු ඒ හැම අවස්තාවකම යම් තාක් දුරකට වෙනස් කිරීමට අපගේ සිතුවිලි වල ඇති ශක්තිය හෝ දුර්වලතාවය මතය.

"ඇසළ මාවත අද්දර" කෘතියෙහි දැක ඇති පොහොසත් චරිත නිරූපණය මෙම නවකතාව සිත් ඇදගන්නාසුළු කියවීමක් බවට පත් කරයි. එය සම්ප්‍රදාය, වෙනස්වීම පිළිබඳ හෘදයාංගම ගවේෂණයක් ලෙස දැක්විය හැකිය.


ඇසල මල් සුවඳ හමනා ගොම්මනේ..
හමන සුළඟ කොඳුරන්නේ
දුකක් සැඟවුණු ප්‍රේමයක
නිම්නැති කතාවයි.


සිහින පිබිදෙන හිස් අහසේ
තරු වියන යට
කැළැල් මතුවූ ප්‍රේමයක
නටඹුන් ඉකිගසයි.


ඇසල මල් සුවඳ මුසු රැයේ
ඔවුනොවුන්ගේ ප්‍රේමයේ හඬ
මඳ සුළගේ පාව යන්නේ
සඳ එළියටත් රහසෙනි.


අකාරුණික දෛවයයේ පරීක්ෂාවන් මැද
ආත්මයන් රිදුනත් ,
නොබිඳුණු ඔවුන්
ප්‍රතිඥාවන් රකිමින්
නිම්නැති ප්‍රේමයේ
ආත්මය හා බැඳේ .


නිලක්ෂි බණ්ඩාර.
2024/06/17.

Saturday, June 15, 2024

හදවතට සඳකැන් කැන්දන සඳකිණි.

.... මං සලකුණු බලා වසන්තය සොයා ගිය වීහඟෙකි.මලින් සැදුණු තුරු හිස් ලාලිත්‍යයෙන් ගලන ගංගා ..... මා දුටු සියල්ලම සුන්දරය .එහෙත් වසන්තය .... එය නොවිය.

මලින් බර වසන්තය ජීවිතය නොවන බව ඔබව හමුවූ විට මට හැඟුණි.ඔබේ සංවේදී සිත තනුවකට නැගීමට මට හැකිය....

දක්ෂිකා සුරනි පෙරේරා තරුණ ලේඛිකාව මෙසේ ඔබට ඇරයුම් කරන්නේ වසර 17 කට පෙර ලියු ඇයගේ කුළුඳුල් නවකතාව වන "සඳකිණි " තුලින්ය.

සඳකිණි තරුණ යුවතියකි.ඇය දින පොතක කුරුටු ගා පද පේළි සහිත කවි, කුරුටු ගෑ පෙලිසහිත කවි කිහිපයක් ප්‍රභාත්ට හමුවන්නේ අහම්බෙනි. ධනවත්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ප්‍රභාත්ගේ පියාගෙන් සම්මුඛ සාකච්ජාවක් ලබා ගැනීමට පැමිණෙන සඳකිණි පසුවූයේ අසනීප තත්වයෙනි.එදින ඇයගේ දිනපොත ගජනායක මහතාගේ කාර්යාලයෙහි අමතක වී යයි.

අහම්මෙබෙන් පියාගේ කාර්යලයට පැමිණි අවස්ථාවේදී දින පොත කියවන ප්‍රභාත් මෙම සොඳුරු ගී පද ඔහුගේ මිතුරන්ටද රසවිඳීමට ඉඩ දෙයි. ඉන්පදු එම ගී පද සි ඩි තැටියක් ලෙස ප්‍රසිද්ධ කිරීමට ප්‍රභාත් ඇතුළු සංගීත කණ්ඩායමේ මිතුරෝ තීරණය කරති.සඳකිණි ගේ ගී පදවැල් කියැවූ දින සිට ඇය වෙත ඇදී ගිය ප්‍රභාත්ගේ සිත ඇය දුටු පසු තව දුරටත් ඇය වෙත බැඳේ.

නමුත්.... සඳකිණිගේ ජිවිත කතාව ඇය ලියන ගී පද වැල් තරම් සුන්දර නැත .ධනවත් ව්‍යාපාරිකයෙක් වන පියා විසින් අතහැර දමන ලද සඳකිණි ඇතුළු පවුලේ දරුවන් වෙද මහතකු වූ සීයා යටතේ ඇතිදැඩි වෙයි.

උසස්පෙළ විභාගයෙන් පසු ඇය රැකියාවක් සොයාගෙන කොළඹට එන්නේ මේ අතරය.මහනුවර ගම්බද පරිසරයකට හැඩගැසී පාරම්පරික අභිමානවත් වෙද ගෙදරක ඇතිදැඩි වූ ඇයට ප්‍රභාත්ගේ හමුවීම ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වෙයි.ධනයෙන් බලයෙන් අගතැන්පත් වුවද ප්‍රභාත් අවංක නිහතමානි තරුණකි.

නමුත් .... ඇය ප්‍රභාත්ව ඇසුරු කරනුයේ ඔහුගේ මෙම සමාජ පසුබිම නිසා "වෙන්වීමට සිදුවේ... යැයි " යන සිතුවිල්ල සිතේ කොණක සඟවා ගෙනය.ඔහුගේ ආදරය හමුවේ ඇය..... ඔහුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කල නොහැකි තත්වයට පත්වේ.

දෙවරක් වෙන් වන ඔවුහු දැඩි මානසික පීඩාවකට පත් වේ.

"මම ............හරියට ඔයාගේ පොතේ පැන්සලෙන් ලියපු කවියක් වගෙයි.හරියට තනුව එන්නේ නැති උනාම වචනෙන් වචනෙන් කපලා වෙනස් කරනවා. අන්තිමට කවියම මැකිලා යනවා....

ඒ වගේ නේද? යන්නෙපා සඳකිණි.... අපි බඳිමු.... පිටරටකට යමු ...

මාව අමතක කරන්න,,., ප්‍රභාත්..."

ප්‍රභාත්ගේ පියාගේ තර්ජන ඝර්ජන ඇයගේ පවුලේ අයටද තර්ජනයක් වේ.එමෙන්ම මෙම හැලහැප්පිම් වලට ඇයගේ පවුලේ උදවියද කැමති නැත.

සඳකිණි ගේ පවුල් පසුබිම නිසා කෝපයට පත් වන, හැමදෙයටම වඩා තම පවුලේ ගෞරවය පිළිබඳව දැඩිව සිතන ප්‍රභාත්ගේ පියාගෙන් ප්‍රභාත්ට සහ සඳකිණිගේ ප්‍රේමයට කැමැත්ත ලැබෙයිද.....?

ප්‍රහාත්ගේ පියාගේ ධනයට සහ බලයට ,ඔහුගේ විරෝධයටත් බියවන සඳකිණි ගේ මව,මාමලා, සීයා ඇතුළු පවුලේ අය සඳකිණිගේ කැමැත්ත ඉඩ දෙයිද ?

ඇත්තට සඳකිණි නවකතාව සුන්දර කතාවකි.සරල සුගම බස්වහරෙන් යුතු ඇයගේ පොත පුරා දිවෙන ඇයගේ කාව්‍යමය භාෂාව ලගන්නා සුළුය. කියවන හැම වචනයක්ම රිද්මයනුකුලභාවයකින් යුක්ත වීම මෙම කෘතිය පුරාම අපට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. මෙම කෘතියෙහි දක්නට ලැබෙන තත් විශේෂත්වයක් වන්නේ පාඨක හදවත් පොත කියවීමට පෙලබෙන ලෙස ලියන ලද ජීවමාන බස් වහරයි. කියවන සෑම වචනයක් පාසාම මෙම ප්‍රේම වෘත්තාන්තය අපගේ ඇස් ඉදිරිපිට චිත්‍රපටයක් සේ චිත්ත රූප මැවීමක් සිදුවීම ඉතා අපුර්වය.

විරාම ලක්ෂණ සහ වචන ගැලපීම කෙරෙහි කතුවරියගේ අවධානය තවත්යොමු වුවා නම් අගනේය.එසේ නම් පද පේළි ගැලපුම මීට වඩා අර්ථවත් සහ සුන්දර වීමට ඉඩ තිබුණි.

තව දින කිහිපයකින් " සඳකිණි " පොතෙහි දෙවෙනි මුද්‍රණය පාඨකයා හට රසවිඳීමට ඉඩ ලැබෙන අතර කවියක් වන් ඇයගේ සොඳුරු නිර්මාණ තුලින් සාහිත්‍ය ලෝකය තව තවත් දිදුලවන්නට ශක්තිය සහ වාසනාව ලැබෙන්නට හර්දයාංගම සුබ පැතුම් මෙසේ පතන්නම් සඳකිණි අක්කේ !!!!

නිලක්ෂි බණ්ඩාර.

22/05/2024.

විවිධ මානයන් ඔස්සේ ලියවුණු මේහලා සහ තවත් කෙටි කතා. - ඉසුරු අංජුල පෙරේරා

 



මේහලා යනු මානව සම්බන්ධතා සහ සමාජ සම්මතයන්හි සංකීර්ණතා පිළිබඳව සංවේදීව සිතන්නට පොළඹවන ලේඛක අංජුල සොයුරාගේ දෙවන කෙටි කතා සමුහයයි.මෙම සෑම කතාවක්ම පාහේ ලංකාවේ සමකාලින ජීවිතය පිළිබඳව දර්ශනයක් ඉදිරිපත් කරයි.ආදරය ,සමාවදීම , ආර්ථික විෂමතාවය සහ සමාජ සාධාරණත්වය වැනි තේමාවන් පිළිබඳව සංවේදීව සහ ගැඹුරින් විවේචනය කිරීමට කතුවරයා උත්සහයක් දරා ඇත.

ගැහැණු පිරිමි ආදරයෙන් බැඳෙති. සමහරුන් විවහා වෙති.සමහරු විවහා ගැලපෙන විවාහයන් වන අතර නොගැලපෙන විවහද අප්‍රමාණය.අංජුල සොයුරා ලියා ඇති මගුල් සක්වල එවැනි කෙටි කතාවකි.විවාහය සඳහා ඔවුන්ට හමුවන්නේ ඔවුන් පැතූ අය නොවේ. මිනෝලි ,විහඟ,රංග,නිරාශා මෙහි එන ප්‍රධාන චරිතය.ආදරය කෙසේ වෙතත් ඔවුන්ට ලෝකය ඉදිරියේ එක්වීමට සිදුවේ.

"වරදකාර" ද අමුතුම ආකාරයේ කෙටි කතාවකි.නේහා -සුපුන් ආදරය වෙන් වීමකින් කෙළවර වේ.පසුව දෙමව්පියන්ගේ බලකිරීමෙන්  සෙනෙස් සහ විවහා වන නේහාගෙන්, සුපුන් පාලි ගනී.ආදරය වෛරය බවට පෙරලී ඇයගේ විවහා ජීවිතය අවුල් කිරීමට පවා පෙළඹෙන බව ලේඛකයා ව්‍යංගයෙන් පවසයි.ආදරය, වෛරය, පලි ගැනීම, කාන්තාවක් විවහය පිලිබඳ ගැටලුවකට මුහුණ දුන් විට පිරිමින් ක්‍රියාකරන ආකාරය මෙම කතාවෙන් ඔහු මනාව විවරණය කරයි. 

මේහලා කෙටි කතාව කාන්තාවන් මුහුණ දෙන අභියෝග ,කාලින සමාජ අරගලයන් සහ ඝට්ටනයන් දෝලනය වන ආකාරය මැනවින් නිරූපිත කෙටි කතාවකි. බොහෝ විට මෙම කෙටි කතාවල සාමාන්‍ය සහ අසාමාන්‍ය දේ මිශ්‍රිතව ගලා යයි. මෙහි මානව සම්බන්ධතා සහ සමාජ සම්මතයන්හි සංකීර්ණතා සංවේදී ලෙස ලියා ඇත.විමුක්තියට මුවා වී ගෙන යන අරගල වල යථාර්තය , ස්ත්‍රීන් පත්වන ඛේදජනක තත්වයන් මේහලා කතාව ඔස්සේ පාඨකයාට ලන්කරයි.

මෙම කෙටි කතා සංග්‍රහය ඔස්සේ සිංහල සාහිත්‍යයට සුවිශේෂී දායකත්වයක් සැපයීමට කතුවරයා සමත් වී ඇත. ඔහුගේ ප්‍රයත්නය ප්‍රශංසනීය වේ.

නිලක්ෂි බණ්ඩාර.
29/05/2024.